නිවසට ඇතුළු වන ඉදිරිපස දොරට අඩි හතරක් පමණ ඈතින් සාලයේ හරි මැද උඩුකුරුව වැතිර තිබූ මළ සිරුර බිය එළවන සුළුය. මළ සිරුරේ මුහුණේ වූ කොළ පැහැ දෑස්.. ඔව් කොළ පැහැ දෑස්.. විවරව තිබුණු අතර, දෙතොල් දම් පැහැ වී තිබුණි. මරණීය වේදනාවෙන් කල දැඟලීම නිසා ගෙල, දෑත් හා දෙපා ඇඹරී තිබුණි.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 25ක් 26ක් පමණ වන තරුණියක වූවාය. ඈ හැඳ සිටියේ දුඹුරු පැහැ කෙටි සායක් හා ටී ෂර්ට් එකකි. පැහැපත් සමක් තිබූ ඇගේ කොණ්ඩය උරහිසට වනතෙක් කොටට කපා තිබුණු අතර, කළු පැහැ හිසකෙස් මුහුණ දෙපසින් වැටී තිබුණි. ගෙලට ඇමිනුණු තියුණු පිහියකින් ගැලූ ලේ ඇගේ හිස කෙස් තෙත් කරමින් ඈ වැතිර සිටි පලස මතට ගලා ගොස් තිබුණි.
ඒ නිසල සිරුරේ ජීවය බිඳකුදු ඉතිරිව නැති බව බැලූ බැල්මට තහවුරු කරගත් උපුල්, මළසිරුරේ ජීවය රහිත කොළපාට දෑස් වෙත නැවතත් ඇස් යොමු කළේ ය.
කොළපාට ඇස්.. හරි අමුතුයි. මේ ලංකාවෙ..? කොළ ඇස්.. එසේ සිතමින් තම ජංගම දුරකථනය ගෙන කිසියම් අංකයකට ඇමතුවේය. "මම උපුල්, කොළපාට ඇස් තියෙන කාන්තා මළසිරුරක් කුරුණෑගලිනුත් හම්බුණා.."
කොළපාට ඇස්.. හරි අමුතුයි. මේ ලංකාවෙ..? කොළ ඇස්.. එසේ සිතමින් තම ජංගම දුරකථනය ගෙන කිසියම් අංකයකට ඇමතුවේය. "මම උපුල්, කොළපාට ඇස් තියෙන කාන්තා මළසිරුරක් කුරුණෑගලිනුත් හම්බුණා.."

No comments:
Post a Comment